29 C
Colombo
Saturday, May 4, 2024

ගෝඨාභයගෙ සෞභාග්‍ය කෙසේ වෙතත් බොන්න සව් භාගයක්වත් නැහැ – මුරුත්තෙට්ටුවේ හිමි

- Advertisement -

ඊයේ (27) දින ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වැඩ වර්ජනයට සිය සහය නොදැක්වූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.

රට මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික ආපදා තත්ත්වයක් මතුව ඇති බැවින් වැඩවර්ජනයකට යාම සුදුසු නොවන බවයි උන්වහන්සේ පවසන්නේ.

දිනාගැනීමට ඉල්ලීම් ඇති නමුත් මෙය ඊට සුදුසු අවස්ථාව නොවන බවත් සෞඛ්‍ය සේවයේ එක් පිරිසක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරද්දී තවත් පිරිසක් තමන්ගේ අභිමථාර්ථයන් වෙනුවෙන් අහිංසක රෝගීන් බිල්ලට දෙන්නේ නම් එය ජනතාව අගය නොකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මීට 90%ක පමණ හෙදියන් සම්බන්ධ නොවූ බවත් උන්වහන්සේ පවසනවා.

එමෙන්ම, කෙරවලපිටිය බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ මේ රටේ කොටස් කෑලි කෑලි වලට කඩා විකිණීමේ කොළණිකරණයට විරුද්ධ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ ව්‍යාපාරය තුල පැවසුණේ පෙර විකිණූ දේවල් නැවත පවරා ගන්නා බව බැවින් එම ස්ථාවරයේ තමන්වහන්සේ තවමත් සිටින බවයි.

කොවිඩ් ව්‍යසනය හමුවේ පාරට බැසීමට නොහැකි වුවත් වසංගත තත්වය අඩුවූ වහාම මහාපරිමාණ විරෝධතාවයක් සංවිධානය කරන බවත් උන්වහන්සේ පවසා සිටිනවා.

තවද, සෞභාග්‍යයේ දැක්මක් බලාපොරොත්තු වුවත් බොන්නට තිබෙන සව් භාගයත් අහිමි වන තත්වයක් උදාවී ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...