29 C
Colombo
Saturday, May 4, 2024

“මට ශක්තියක් වූ, උරණ වූ හැමෝටම ස්තූතියි” – හරීන්ට පැය 08 ක හෘද සැත්කමක්

- Advertisement -

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෙට (01) පැය 08 ක හෘද සැත්කමකට භාජනය කිරීමට නියමිතයි.

මීට පෙර මෙම වසරේ මැයි මාසයේදී සිදු කළ හෘද සැත්කමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මන්ත්‍රීවරයා සඳුදා (27) රෝහල් ගත කෙරිණි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහුගේ තීරණාත්මක සැත්කම කිරීමට පෙර තමන්ට සුභපතන්නන් උදෙසා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

හෙට ඔක්තෝබර් පළවෙනිදා.මම තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දෙනවා. පහුගිය මැයි මාසෙ 1වෙනිදාත් මේ වගේම ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නා.

මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණ වලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.

හෙට මුහුණ දෙන්නෙ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට.ඒ වෙනුවෙනුත් මම සූදානම්!

එකම අභියෝගය දෙවරක් භාර ගන්න එකත් එක අතකට පුදුමාකාර අත්දැකීමක්.

මම රෝහල්ගත වූ බව දැනගත්ත මොහොතේ ඉඳලා මට සුවය ප්‍රාර්ථනා කළ, ඒ වෙනුවෙන් වෙහෙසුන, අදටත්,මේ මොහොතේත් සොබාදහමේ සහ විවිධ ආගම් වල ආශිර්වාදය පතන, හිතා ගන්න බැරි තරම් විශාල පිරිසකගේ ප්‍රාර්ථනාවන් මට විශාල ශක්තියක්.මා ගැන විමසීම් කළ සියලුදෙනාටම ස්‍තූතියි.

ජීවිතය සම්බන්ධ මහා අරුතක් ඒ සියලු දෙනා එක් කළ බව ආදරයෙන් මතක් කරනවා.
මගේ පවුලේ සියලු දෙනා,මගේ වෛද්‍යවරුන්,මගේ හිත මිතුරන් ,වගේම මාව විවේචනය කළ අය පවා මට හදවතින් කළ ආශිර්වාදය ශක්තියක් වුණා.

අසනීප බවක් නො දැනෙද්දී පවා, තීරණාත්මක අවස්ථාවක් දෙකකදී කල් තියා මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා.
ඒක තාමත් මට අදහාගන්නට බැහැ.

ඉතින්, හෙටින් පසු තවදුරටත් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් වෙන් කළයුතු බවට මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මට ශක්තිය දුන්නු,මග වටේ අත්වැල් පවුරක් වුණු,ඇතැම් විට මා එක්ක උරණ වූ සියලු දෙනා වෙනුවෙන් පවා කැපවිය යුතුයි කියලා මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මම හැමදාම සත්‍ය සහ හදවතට එකගව හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා.
ඉතින්, මීටත් වඩා ලෙංගතුව,මීටත් වඩා ශක්තිමත්ව,මීටත් වඩා හෘදයාංගමව අනාගතයේ හමුවෙමු.


ඔබට ජය.!

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...