27 C
Colombo
Monday, May 6, 2024

මෙවර T20 ලෝක කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇත්තේ නෙදර්ලන්තයටත් අඩු සම්භාවිතාවයක්

- Advertisement -

මෙවර ලෝක කුසලානය ජයගැනීමට ඒ සඳහා තරග වදින කණ්ඩායම්වලට ඇති හැකියාව පිළිබඳ Wisden සඟරාව විශේෂ ලිපියක් පල කොට තිබේ.

ඒ එක් එක් කණ්ඩායම සතු විශේෂ ක්‍රීඩකයින් සහ කණ්ඩායම්වල මෑතකාලීන දක්ෂතා පිළිබඳ අවධානය යොමු කරමින්.

එම ලිපියට අනුව T20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට පවතින සම්භාවිතාව අනුව කර ඇති කණ්ඩායම් පෙළගැස්මේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ නෙදර්ලන්තය කණ්ඩායමටත් වඩා පහළ ස්ථානයක්.

හත්වන විස්සයි විස්ස ලෝක ශූරතාවය හිමිකරගැනීමට එක් එක් කණ්ඩායමට ඇති සම්භාවිතාව පෙලගැස්සූ විට ශ්‍රී ලංකා කණ්ඩායම එහි 11වැන්නා බවට පත්වන බව මෙම ලිපිය පෙන්නුම් කරයි.

එහි ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබද දක්වා ඇති සඳහනේ වැඩිදුරටත් කියා පාන්නේ,

” මෙවර ශ්‍රී ලංකා සංචිතය මෑත කාලීනව තරග වදින දුර්වලතම ශ්‍රී ලංකා සංචිතයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමට අසමත් වුවද එය පුදුමයක් නොවෙයි. වනිදු හසරංග ඔවුන්ට සිටින විශිෂ්ට තරුවක්. නමුත් සංචිතය තුළ ඔහු තනිවෙනවා. ඉන්දියාව සමගින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවුණේ බුවනේෂ්වර් හා කුල්දීප්ට හය,හත ස්ථාන වල පන්දුවට පහරදීමට සිදුවූ නිසයි. එම තරගාවලිය පසෙක තැබූ විට පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වී නැහැ.” යනුවෙන්.

කෙසේ වෙතත් Wisden සඟරාව ලිපියට අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට වැඩිම අවස්ථාවක් ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.

එමෙන්ම එම සම්භාවිතා ලැයිස්තුවේ ලෝක කුසලානය දිනාගැනීමට දෙවන හා තෙවන ඉඩකඩක් ඇති කණ්ඩායම් ලෙස පිළිවෙලින් එංගලන්තයට හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නම් කර තිබේ.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට පවතින සම්භාවිතාව අනුව Wisden සඟරාව සිදුකර ඇති කණ්ඩායම් පෙළගැස්ම පහත පරිදි වේ.

• ඉන්දියාව
• එංගලන්තය
• බටහිර ඉන්දීය කොදෙව්
• ඕස්ට්‍රේලියාව
• පාකිස්තානය
• නවසීලන්තය
• බංගලාදේශය
• දකුණු අප්‍රිකාව
• ඇෆ්ගනිස්තානය
• නෙදර්ලන්තය
• ශ්‍රී ලංකාව
• ස්කොට්ලන්තය
• අයර්ලන්තය
• ඕමානය
• නැමීබියාව
• පැපුවා නිව්ගිනියාව

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...