32 C
Colombo
Sunday, May 5, 2024

ඇෆ්ගනිස්තානයේ පොලිස් නිළධාරිනියන් අනතුරේ

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ පසුගිය පාලන සමය තුළ පොලිස් නිළධාරිනියන් ලෙස කටයුතු කළ කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැ‍ටලුවක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබද තොරතුරු අනාවරණය වී ඇත්තේ නෙදර්ලන්ත පොලිසිය විසින් එරට රජයට ඉදිරිපත් කළ ඉල්ලීමක් හේතුවෙනි.

ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා රැදී සිටින කාලය තුළ එරට කාන්තා පොලිස් සේවයක් ස්ථාපිත කෙරුණු අතර ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ සහය ලබාදීමේදී නෙදර්ලන්ත පොලිසිය විශේෂ සහය දැක්වීමක නිරත විය.

ඒ අනුව නෙදර්ලන්තයේ සහ ඇෆ්ගනිස්තානයේ පොලිස් නිලධාරිනියන් අතර විශේෂ සබදකම් පවතින අතර ඒ හරහා අනාවරණය වී ඇත්තේ තලේබාන් පාලනය විසින් මේ වනවිට සේවය අහිමි කරනු ලැබ සිටින පොලිස් නිලධාරිනියන්ට ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතුව ඇති බවයි.

ගතවූ කාලසීමාවේදී ඇෆ්ගනිස්තාන පොලිසියේ සේවය කළ නිලධාරිනියන් සිව්දෙනෙකු පමණ ඝාතනයට ලක්ව ඇති අතර තවත් විශාල පිරිසක් ජීවිතාරක්ෂාව සදහා සැඟව සිටින බව හෙළිවී තිබේ.

කෙසේවෙතත්, ඔවුන් පිළිබද වන දත්ත පද්ධතියට ඇතුළුවීමට තලේබාන් සංවිධානයට අවස්ථාව ලැබී ඇති හෙයින් මෙම පිරිස් මුදාගැනීම සදහා අන්තර්ජාතික මැදිහත්වීමක් සිදුකරන ලෙස නෙදර්ලන්ත පොලිසිය එරට රජයෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...