32 C
Colombo
Tuesday, May 7, 2024

යාපනයේ උසස් සංස්කෘතික උරුමය බෙදාගැනීමේ ඉන්දීය විදේශ ලේකම්ගේ බලාපොරොත්තුව

- Advertisement -

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත් අතර අනතුරුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කරන ලදි.

ඉන් පසුව ඉන්දිය විදේශ ලේකම්වරයා යාපනය බලා පිටත්ව ගිය අතර උතුරේ දේශපාලන නියෝජිතයින් ද හමුවී සාකච්ඡාවක නිරත වී තිබුණි. පසුව ඔහු ඉන්දීය ප්‍රදාන යටතේ ඉදිකළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ යාපනයේ උසස් සංස්කෘතික උරුමය බෙදා හදා ගැනීමට හැකිවනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

ඉන්දීය රජයේ ඩොලර් මිලියන 11කට වැඩි ප්‍රදානයක් ලෙස ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානය සංස්කෘතික උරුමය කෙරෙහි අනුග්‍රහය දැක්වීම හා ආරක්ෂා කිරීමට ඉන්දීය රජයට ඇති බැඳීම වැඩි කරගැනීමේ සංකේතය බවත් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ දිනය කඩිනමින් නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සමග උතුරේ දේශපාලන නියෝජිතයින් යාපනය තිරනල්වේලීහිදී හමුවී සිදුකළ සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන පිරිස එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහෙත්...

වෙල්ගම අසනිපෙන්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

Breaking: විජේදාසගේ වාරණ නියෝගයට එරෙහි පෙත්සමට අධිකරණය දුන් නියෝගය

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...