32 C
Colombo
Monday, May 6, 2024

දේශසීමා උල්ලංඝනය කිරීම් සදහා සහය පළකළ බවට ඉන්දියාවෙන් පකිස්තානයට චෝදනා

- Advertisement -

දේශසීමාව උල්ලංඝනය කිරීම සදහා පකිස්තාන ආරක්ෂක අංශ අවස්ථා දෙකකදී ත්‍රස්ත කල්ලිවලට සහය පළකර ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.

ඉන්දීය යුද හමුදාපති ජනරාල් මනෝජ් මුකුන්ද් නර්වානේ සදහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ සිට ජූනි මස අග දක්වා කාලය තුළ ඉන්දු පකිස්තාන දේශසීමාවේ දෙරටේ හමුදා විසින් සිදුකරන ලද කිසිදු දේශසීමා උල්ලංඝනය කිරීමක් සිදුව නොමැති බවයි.

එහෙත් අවස්ථා දෙකකදී ත්‍රස්ත කණ්ඩායම්වල එවැනි උත්සහයන් සදහා පකිස්තාන හමුදාවේ සහය පළව ඇති බවත් එවැනි ක්‍රියා සදහා සහය පළ නොකරන ලෙස පකිස්තානයට අවධාරණය කරන බවත් ඉන්දීය හමුදා ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

දේශසිමා එකගතා කඩ නොකිරීමට දෙපාර්ශ්වයම පසුගිය පෙබරවාරි මාසයේදී යළි එකග වූ අතර එතැන් සිට ගතවූ කාලසීමාවේ එය කඩකිරීම් පිළිබද වාර්තා නොවුණත් පසුගිය දින දහයක කාලය තුළ යම් උණුසුම් වාතාවරණයක් මතුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...