32 C
Colombo
Sunday, May 5, 2024

පෝට් සිටිය කලු සල්ලි වලට අත වැනීමක් විය හැකියි – ඇමරිකානු තානාපතිනිය

- Advertisement -

පෝට් සිටිය හරහා මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී ලෙස මුදල් යෙදවීම් සිදුවිය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා.

ඒ, ත්‍රිකුණාමලයේ උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාති ජිතේන්ද්‍ර සමඟ පෙරේදා (05) දින සාකච්ඡාවකට සහභාගී වෙමින්.

මෙරට ආර්ථිකය නගා සිටුවීමේ ‘ගැළවුම්කරුවෙකු’ වශයෙන් මෙරට රජය විසින් කොළඹ වරාය නගරය සලකන අතරතුරේදී ඇමරිකානු තානාපතිනිය විසින් වරාය නගරය සම්බන්ධව ආතුරු ඇඟවීම් මෙන්ම ප්‍රභල විවේචන සිදුකිරීම සම්බන්ධව

මෙරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ පෝට් සිටි පනතේ ඇතැම් කරුණු පිළිබඳව එක්සත් ජනපදය දිගින් දිගටම අවධානයෙන් පසුවන බව‍යි ඇය පවසන්නේ.

පෝට් සිටිය හරහා සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව එක්සත් ජනපද සමාගම් ඒ ගැන සැලකිලිමත් විය යුතු බවත් ඇය පවසා සිටිනවා.

“පෝට් සිටි ව්‍යාපෘතියේ දැනටමත් කර ඇති ආයෝඡනයෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවේ රජයට අවශ්‍ය බව අපි පිළිගන්නා අතර එය අපට තේරුම් ගත හැකියි. අපගේ සරල අවවාදය නම්, මෙතරම් විශාල යටිතල පහසුකම් / සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා, නීති හා රෙගුලාසි නිවැරදිව ලබා ගැනීම අතිශයින් වැදගත් වන අතර – නීති විරෝධී ක්‍රියාකාරකම් සහ අසාධාරණ තරඟ සඳහා දොර විවෘත නොවන බවට සහතික වීමත් ඉතා වැදගත් බවයි. සාමාන්‍ය මූලධර්මයක් ලෙස අයහපත් (කළු) මුදල්, නිදසුනක් වශයෙන්, මුදල් විශුද්ධිකරණයට ඉඩ දිය හැකි හිඩැස් වසා දැමීමට නීතියෙන් නොහැකි නම්, ඒ හරහා අයහපත් (සුදු) මුදල් ඉවතට තල්ලු කරයි.” යැයි ඇය පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...