26 C
Colombo
Thursday, May 9, 2024

චීනයෙන් මෙරටට ප්‍රභල චෝදනාවක්

- Advertisement -

චීන පොහොර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවට චීන තානාපති කාර්‍යාලය විසින් ප්‍රභල චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ට්විටර් හරහා අදහස් දක්වමින් චීනය පවසන්නේ ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව විසින් අදාල පොහොර සාම්පල පරීක්ෂා කිරීමේදී නිසි පටිපාටියක් අනුගමනය කර නොමැති බවයි. එමෙන්ම එම පරීක්ෂාවන් වලට විද්‍යාත්මක පදනමක්ද නොමැති බවත් චීනය පවසනවා.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ අදාල පොහොර අඩංගු නැව හරවා යැවීමට මෙරට රජය කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් චීන තානාපති කාර්යාලය පවසන්නේ එම පොහොර නිෂ්පාදනය කිරීමේදී ජීවාණුහරණයකට ලක් කරන බවයි.

එබැවින්, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවේ පරීක්ෂා මත එලැඹි තීන්දු හේතුවෙන් පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා අදාල සමාගමට විශාල පාඩුවක් සිදුවූ බවටද චීනය විසින් චෝදනා කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...