26.8 C
Colombo
Sunday, May 19, 2024

නිල්මිණි තෙන්නකෝන් රට හැර යයි

- Advertisement -

පසුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ කලකරුවන් අතර ඉදිරියෙන්ම සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සහ දියණිය ළඟදීම රට හැර යෑමේ සූදානමින් සිටිනවා.

ඇය Youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ තමන් ශ්‍රී ලංකාවට ඉතාමත් ආදරය කරන බවත් මෙරට දමා යෑම වේදනාත්මක බවත්ය.

විදේශයක සදාකාලිකවම නැවතීමටද ඉඩ ඇති නමුත් රංගන කටයුතු සඳහා විටින් විට පැමිණීමට ඉඩ ඇති බවයි ඇය පවසන්නේ.

තමා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අසල්වැසියෙකු වීම ඔහුට සහය දැම්වීමට හේතුවක් වූ බවත් ඊට පෙර තමාට අනතුරක් වූ විට මහින්ද රාජපක්ෂ මහතා තමාට උපකාර කිරීමේ කෘතගුණ දැක්වීමද ඊට හේතු වූ බවත් ඇය පවසනවා.

තමාට සහය පලකරන්නැයි සජිත් ප්‍රේමදාස මහතා තමාගෙන් ඉල්ලූ විටද එය ප්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ මහතා කළ උපකාරය හේතුවෙන් නිසා බව ඇය පවසනවා.

කෙසේ නමුත් කාන්තාවන් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ඕනෑම කටයුත්තකට උපකාර කරන බවට තමන් පොරොන්දු වූ බවත් ඇය පවසා සිටිනවා.

මේ අතර, ජනප්‍රිය රංගන ශිල්පිණී ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසා සිටින්නේ ඇය මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් අනෙක් පුද්ගලයන්ට මෙන්ම තමන්ටද ‘නැට්ට ගසාගෙන’ සිටීමට සිදුවනු ඇති බව‍යි.

රටේ වත්මන් තත්වය හේතුවෙන් තමන්ගේ රූපලාවණ්‍යාගාරයද පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බව ඇය පවසනවා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...