30 C
Colombo
Wednesday, May 1, 2024

කාලා බීලා නොමැරී මාසයක් ජීවත්වීමට එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළට – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

- Advertisement -

එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට සිදුව ඇති අවම වියදම රු. 5,353 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තවද එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළවද ඒක පුද්ගල මාසික වියදම කොපමණදැයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට සිදුව ඇති අවම වියදම රු. 5,810 ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම මුදල 5,634 ක්.

අවම මුදල වන රුපියල් 5,040 දැක්වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි.

කෙසේ වෙතත් එම මුදල තීරණය කර ඇත්තේ පසුගිය අගෝස්තු මස දක්වා වන දත්ත පදනම් කරගෙනයි.

මීට දින කිහිපයකට පෙර ගෑස්, තිරිගු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඇති අතර එම මිල ගණන් සහිතව නව මාසික වියදම ඇතුළත් මීළඟ වාර්තාව එළැඹෙන මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...