27 C
Colombo
Monday, May 6, 2024

පැන්ඩෝරා පත්‍රිකාවලට විතරක් නෙවෙයි 2016 පැනමා පත්‍රිකාවලටත් පරීක්ෂණයක් කරන්න – මුරුත්තෙට්ටුවේ හිමි

- Advertisement -

අයථා මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් මේ වන විට හෙළිදරව් වී ඇති පැන්ඩෝරා පත්‍රිකා පිළිබදව පමණක් නොව 2016 හෙළිවූ පැනමා පත්‍රිකා පිළිබදවද නිසි විමර්ශනයක් කරන්නැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයාට මේ පිළිබදව ලිපියක් යොමුකරමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සදහන් කරන්නේ 2016 වසරේදී ගවේශනාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් නීතිවිරෝධී හා අයුතු ලෙස වත්කම් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකුගේ නම් හෙළිදරව් කළ බවයි.

මේ හේතුවෙන් පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙන්ම2016 පැනමා පත්‍රිකාවල නම් සඳහන් අයථා වත්කම් ඉපැයූ ශ්‍රී ලාංකික පුද්ගලයන් සම්බන්ධයෙන්ද අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම ලිපිය මගින් මුරුත්තෙට්ටුවේ හිමියන් ඉල්ලා සිටිනවා.

ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ නීතියේ සාධාරණත්වය සැමට එක හා සමානව ක්‍රියාත්මක කිරීමට නම් එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් නොව සියලුම පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සිදුකල යුතු බවයි.

කෙසේ වෙතත් 2016 පැනමා පත්‍රිකාව දැනට බලයේ සිටින සහ බලයෙන් ඉවත් වී සිටින රාජ්‍ය නායකයන් 12 දෙනෙකු මහා බදු වංචා සිදු කළ බවට හෙළිදරව් වුණා.

එමෙන්ම ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ ඥාතීන් සහ දේශපාලනඥයන් 60 දෙනෙකුගේ තොරතුරු ද පැනමා පත්‍රිකාවල සඳහන් වුණා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...