30 C
Colombo
Friday, May 3, 2024

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සිය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ආධාර යදියි

- Advertisement -

එළඹෙන සීත කාලයේදී ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් කෝටි දෙකක් පමණ දැඩි මානුෂීය අර්බුදයක‍ට මුහුණදීමේ අවදානමක් මතුව ඇති බැවින් ඒ සදහා වන සහන වැඩපිළිවෙළ‍ට දායක වන්නැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සිය ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

මීට මාස කිහිපයක‍ට පමණ පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර තිබුණේ ඇෆ්ගනිස්තානයේ සහන සේවා කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 606 ක් පමණ අවශ්‍ය වනු බවයි.

එහෙත් මේ වනතෙක් ලැබී ඇත්තේ ඉන් 35% පමණක් බවත් එය ප්‍රමාණවත් වන්නේ මාස දෙකක පමණ කාලයක සහන සේවා සදහා බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සිය සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සියේ ප්‍රකාශිකා බාබරා බලොච් පවසන්නේ ඇෆ්ගනිස්තානයේ සිටින අභ්‍යන්තර අවතැන්වූවන් සදහා සහන සැලසීමට එරට දේශසීමාවෙන් පිටත විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය මුලුමනින්ම බිද වැටී ඇති බවත්, මේ වන විට දිනකට ප්‍රමාණවත් ලෙස ආහාර ලබාගත හැකිව ඇත්තේ ඇෆ්ගනිස්තාන ජනසංඛ්‍යාවෙන් 5% තරම් සුලු පිරිසකට පමණක් බවත් බාබරා බලොච් වැඩිදුරටත් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...