32 C
Colombo
Tuesday, May 7, 2024

හයිවේ එකේ ගාලු යන්න පැමිණි වාහන හරවා යවයි (වීඩියෝ)

- Advertisement -

බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීම සඳහා අධිවේග මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසල සිට දොඩම්ගොඩ දක්වා ඊයේ (16) කිලෝමීටර් ගණනාවක් දිගු වාහන පෝළිම් දක්නට ලැබුණා.

ඊයේ දිනයෙන් ආරම්භ වන සතිඅන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් බස්නාහිර පළාතේ සිට බොහෝ පිරිසක් දකුණු පළාතට ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් මෙම වාහන තදබදය ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවදුරටත් පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මකවන පරිසරයක මේ ආකාරයෙන් ඇතැම් පුද්ගලයින් හැසිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි විවේචනයට ලක්වුණා.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් බස්නාහිර පළාතෙන් පිටවීමට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි පිරිස් වැලිපැන්න පිවිසුමේදී පරික්ෂා කිරීමෙන් අනතුරුව නිසි අවසරපත්‍රයක් නොමැති වාහන 120 ක් යළි හරවා යැවීමට කටයුතු කළ බව වැලිපැන්න අධිවේග රථවාහන පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. කොල්ලුපිටිය පාසල් මාවත...

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහෙත්...

වෙල්ගම අසනිපෙන්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...