29 C
Colombo
Saturday, May 4, 2024

දැන් අපට සරමත් නෑ, කලිසමත් නෑ ! – ඩිලාන් (VIDEO)

- Advertisement -

සැලැස්මක් ඇතිව ගොවීන්ව කාබනික පොහොර භාවිතයට යොමුකළ යුතුව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඒ ඊයේ (16) දින පැවති ජනහමුවක් අමතමින්.

කෙසේ නමුත් නැවත වස විස භාවිතයට යොමු නොවිය යුතු බවත් කෙසේ හෝ කාබනික වගාව සාර්ථක කරගත යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීමත් සාර්ථක වෙනවා ඒක සැලැස්මක් ඇතිව කළා නම්. අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු, ඊට පස්සෙ කෙමෙන් කෙමෙන් බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයේ කලිසම ගහගෙන තමා හිටියෙ. ඒ කලිසම ගලවන්න ඕනෙ, නැත්නම් අපි කන්නෙ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා. අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නෙ නැතුව. කලිසම ගලවලා බැලුවා, අම්මටසිරි සරම මහගෙනත් නෑ ! 

එතකොට කලිසමත් නෑ, සරමත් නෑ ! එතකොට දැන් මොකක්ද කරන්න ඕනෙ ? හරි, කලිසම අපි ගැලෙව්වා – සරම මහගත්තෙ නෑ කියලා ආපහු කලිසම අඳින එකද ? නෑ, වස විස කන එක නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට අණ්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනෙ, නැත්නම් හෙළුවෙන්. ඉතිං ආණ්ඩුව මේ දවස්වල ඉන්නෙ එතන” 

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...