33 C
Colombo
Sunday, May 5, 2024

පාස්කු කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කරහොත් තමන් අප්‍රසාදයට පත්විය හැකියැයි ජනපති මට කිව්වා – කාදිනල්

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සියලුම නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකියැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග පැවසුවේ යැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව නිකුත් වී දින දෙකකින් තමන් ඇමතු ජනාධිපතිවරයා එම වාර්තාවේ ඇතුළත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළහොත් තමන් අප්‍රසාදයට පත්විය හැකි බව තමන් සමග පැවසු බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය විසින් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සංවාදය සංවිධානය කර තිබුණා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වය ගත් මෙම සංවාදය සඳහා පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වු ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමන් ඇතුළු පියතුමන්ලා පිරිසක්ද සහභාගි වී සිටියා.

එමෙන්ම මෙම සංවාදය සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 300කට වැඩි පිරිසක් එක්ව සිටියා.

එහිදි අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

” ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලන කාලේ ජනාධිපතිතුමා රට වටේ ගිහින් කිව්වා තමන් බලයට පත්වුණාම මේ ප්‍රශ්නයට විසඳුමක් දෙනවා කියලා. ඔහු බලයට පත්වු වහා රදගුරුතුමන්ලා සමඟ පැවති සාකච්ඡාවකදි පැවසුවා පාස්කු කොමිසමේ නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කරනවා කියලා. එත් අපිට පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් ලැබුනහම ඔහු ඔහුගේ ආණ්ඩුවේ කිහිප දෙනෙක් පත්කළා කොමිසමේ ඇතුම් නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් ක්‍රියාත්මක නොකරන්නත්. ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවයට එය දේශපාලන තීන්දුවක්. ස්වාධින තීන්දුවක් නොවේ. වාර්තාව නිකුත් වෙලා දින දෙකකට පස්සේ එතුමා මට කථා කළා. ඔහු මට කිව්වා වාර්තාවේ නිර්දේශ සියල්ලක්ම ක්‍රියාවට නංවන්න බැහැ කියලා. සමහර නිර්දේශ ක්‍රියාත්මක කළහොත් ඔහු අප්‍රසාදයට ලක්විය හැකි බවත් කිව්වා. ආණ්ඩුව ඒ වාර්තාවේ නිර්දේශ බොහෝමයක් ක්‍රියාවට නංවලා නැහැ. එයින් කාලයත් නාස්ති වුණා. අපි හැමෝගේම බලාපොරෝත්තු නැති වුණා. මේ වාර්තාව පෙන්නුම් කරන්නේ නීතිපතිතුමා බුද්ධි අංශවලින් සැක සහිත සිද්ධින් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවයි. එත් එවැනි දෙයක් වෙලා නැහැ. ඒ සියල්ල වචනවලට සීමා වුණ දේවල් විතරයි. වත්මන් ආණ්ඩුව සහ වත්මන් නායකයින් වින්දිතයින්ගේ බලාපොරොත්තු සියල්ල බිඳ දමා තිබෙනවා. අපිට ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ පුදුම සහගතයි. “

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...