28 C
Colombo
Wednesday, May 8, 2024

දෙන්න පුළුවන් සහනය තමා දුන්නේ

- Advertisement -

21 වැනිදා පාසල් ආරම්භ වන විට එය නව ආම්භයක් ලෙස සලක කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

රජයේ අදායම් මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් ඇති අවස්ථාවක ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සඳහා දිය හැකි උපරිම සහනය ලබා දී ඇති බවයි ඔහු පවසන්නේ.

ගුරුඅරුන් විසින් දයාවෙන් යුතුව දරුවන් වෙත අධ්‍යාපනය ලබාදීම මෙරට සංස්කෘතියේ කොටසක් බවත් එබැවින් 21 වැනිදා පාසල් වෙත පැමිණ ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන ලෙසත් ඔහු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත්, ලබන 21 සහ 22 යන දෙදින සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බවයි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ දින පවසා සිටියේ.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එක්ව කොළඹ කොටුවේ පිහිටි ගුරු මැදුර ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව ඔවුන් පවසා සිටියේ 25වන සඳුදා සිට සුපුරුදු පරිදි ඉගැන්වීම් කටයුතු වල යෙදෙන බවයි.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...