28 C
Colombo
Sunday, May 5, 2024

ඒලියන්ත වයිට්ගේ දුවට සහ පුතාට පොලිසියේ 21ක ආරක්ෂාව

- Advertisement -

මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ප්‍රසිද්ධියට පත් ඒලියන්ත වයිට්ගේ දියණියගේ සහ පුත්‍රයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 21 දෙනෙකු අනුයුක්ත කර ඇති බව සමගි ජන බලවේග මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසනවා.

ඒ, ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපි දැක්කා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා කොරෝනා වලින් මියයනවා ඔහුට අවශ්‍ය එන්නත් පවා නොලැබීම හේතුකොටගෙන. ඊට පස්සෙ අපි දැක්කා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා කියාගත්ත ඒලියන්ත වයිට්, ඔහුත් කොරෝනා රෝගය වැළඳිලා මියගියා.

දැන් තියෙන ප්‍රශ්නේ, ඒලියන්ත වයිට් මියගියා, ඒලියන්ත වයිට්ගේ පුතාට සහ දුවට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කාන්තාවන් 4 දෙනෙක් සමග පොලිස් නිලධාරීන් 21 දෙනෙක් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නිදහස් කරලා තියෙනවා, ඔවුන් දෙපළගේ ආරක්ෂාවට. ඔවුන් දෙපළ කරන්නෙ මොකක්ද, මේ අර ගල්කිස්ස පැත්තෙ බීච් රෝඩ් එකේ තියෙන චීන කටු ආයතනයක උපාධි දෙකක් අරගෙන තාත්තා රෑට හීනෙන් බෙහෙත් කියනවා කියලා දැන් බෙහෙත් දෙන්න පටන් අරන්.

දැන් පොලිසියෙ 21ක් අනුයුක්ත කරලා තියෙනවා, මං ගාව ලැයිස්තුවත් තියෙනවා, දිග ලැයිස්තුවක්. ඒලියන්ත වයිට්ගේ දුවට සහ පුතාට ආරක්ෂාවට. මොකක්ද මේ ? කෝ මහ ලොකු පොලිසිය බාර ඇමති සරත් වීරසේකර ? කතාව දෝලාවෙන්, කෝ වැඩ ?”

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...