30 C
Colombo
Friday, May 3, 2024

පරම්පරා ගණනකට සෙත සලසනවා – ජනපති

- Advertisement -

හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක් කන්නයකට, දෙකකට පමණක් නොව පරම්පරා ගණනකට සෙත සැලසීම බව ජනාධිපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ඒ, ගොවිජන සේවා නිලධාරීන් සමග ඊයේ (21) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දීයි.

පරිසරයත්, මහජන සෞඛ්‍යාරක්ෂාවත් රැක ගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවයි ඔහු පවසන්නේ.

හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපතිවරයා පවසනවා.

ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවිට එම ගැටලු විසදීමේදී විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාව උදා වන බව ද පවසන ලදි. එමෙන්ම, වැරදි දෙයක් කරන්නැයි තමා කිසිවිටෙක කිසිවෙකුගෙන් ඉල්ලා සිටින්නේ නැතැයි ද ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ අවධාරණය කරන ලදි.

හරිත කෘෂිකර්මාන්තයට අවතීරණ වීම නිසා වගා කෙරෙන භූමි ප්‍රමාණයේ අඩුවකට ඉඩ තැබිය නොහැකි බවත් කාබනික පොහොර භාවිතය සමග ඉදිරියට යාමට ගොවීන් දිරිගැන්වීම රට වෙනුවෙන් සියලුදෙනාගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

ලෝකයේ පිළිගත් ඉහළම පරිසර හිතකාමී පොහොර ගොවියා අතට පත් කිරීම සඳහා නයිට්‍රජන් පෝෂක සහිත දියර නයිට්‍රජන් ගෙන්වීමට රජය පියවර ගත් බව පෙන්වා දුන් ඔහු නැනෝ තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටක ශාඛ පත්‍ර මගින් සෘජුවම අවශෝෂණය කර ගන්නා බවත් එම දියර නයිට්‍රජන් ඉදිරියේ දී සියලු ගොවීන්ට ලබාදීමට රජය කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...