27 C
Colombo
Monday, May 6, 2024

අදානි අද කොළඹට – ජනපති සමඟත් හමුවක්

- Advertisement -

ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා අද (25) දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය අනාවරණය කරනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන්නේ අදානි සමූහයයි.

මෙය පෞද්ගලික සංචාරයක් බවත් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා පවත්වන බවත් ‘ද හින්දු’ පුවත්පත වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඉන්දියාවේ අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) ගිවිසුමකට පසුගිය සැප්තැම්බර් 30 දින අත්සන් කෙරුණි.

මෙම ගිවිසුම ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන ආයෝජනයකි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...