30 C
Colombo
Tuesday, May 7, 2024

නවක බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේටත් මත්ද්‍රව්‍ය චෝදනා

- Advertisement -

මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන සති කිහිපයකට පසු ඉන්දියාවේ මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය නවක බොලිවුඩ් නිළි අනන්‍යා පාණ්ඩේවද ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීම හා සෘජුවම සම්බන්ධ බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (NCB) පවසා නැහැ.

පිට පිට දෙවැනි දිනටත් පාණ්ඩේව මුම්බායි හි පිහිටි කාර්යාලයට කැඳවූයේ කුමක් සඳහා ද යන්න පැහැදිලි නැති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත තමන් කැඳවීම පිළිබඳ අනන්යා පාණ්ඩේ ද කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි සිට ගෝවා දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක සාදයකට සහභාගී වූ ආර්යන් පසුගිය ඔක්තෝබර් 2 වන දා අත්අඩංගුවට පත්වුණා.

ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ ආර්යන්ට එරෙහිව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, පරිභෝජනය සහ විකිණීම සම්බන්ධ” නීති යටතේ චෝදනා ගොනු කරමින්.

ආර්යන්ගේ නීතිඥයන් ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් පානය කළ බවට සාක්ෂි නැති බවටත් ඔහු ළඟ මත්ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බවටත් තර්ක කරනු ලැබුව ද මුම්බායි හි අධිකරණය දෙවන වරටත් ඔහුගේ ඇප ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ආර්යන් අත්අඩංගුවට ගැනීම සහ පාණ්ඩේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට කැඳවීම ඉන්දියාවේ මාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් වී ඇත්තේ ඒ අනුවයි.

අනන්‍යා පාන්ඩේ යනු ප්‍රවීණ බොලිවුඩ් නළුවෙක් වන චන්කි පාණ්ඩේ මහතාගේ දියණියයි.

RECENT ARTICLES - SINHALA

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...