25 C
Colombo
Thursday, May 9, 2024

පොලිසියේ ඉහළ නිලධාරීන්ට දඬුවම් ලැබෙන හේතුවක් ඇමති සරත් කියයි

- Advertisement -

පහල නිලධාරීන්ගේ අල්ලස දූෂණය වැළැක්වුයේ නැත්නම් ඉහළ නිලධාරීන්ට දඬුවම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහාතා පවසනවා.

පහල නිලධාරීන්ගේ අල්ලස දූෂණය නතර කිරීමත් ඔවුන්ගේ සුභසාධනය සොයා බැලීමත් ඉහළ නිලධාරීන්ගේ වගකීමක් බවයි ඔහු පවසන්නේ

ඒ, පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අභිනවයෙන් පත්වූ සහකාර පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරයන් අමතමින්.

සහකාර පොලිස් අධිකාරීවරයෙක්ට සාමාන්‍යයෙන් පොලිස් ස්ථාන තුනක් පමණ අධීක්ෂණයට ලැබෙන බවත් ඒ යටතේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරයෙක්, නිලධාරීන් අල්ලස් ගන්නේ නම් ලිංගික අල්ලස් ගන්නේ නම් හෝ වෙනත් දූෂණ වැඩ වල යෙදෙන්නේ නම් බුද්ධි අංශ යොදවා ඒ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කිරීම ඉහළ නිලධාරීන්ගේ යුතුකමක් බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.

එසේ කටයුතු නොකළහොත් ඔවුන් භාරව සිටින සහකාර පොලිස් අධිකාරීවරයාට විරුද්ධව තමන් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන්නේ.

“උසස්වීම් ලැබුන වගේම වෙනත් පහසුකම් ලැබෙනවා වගේම වගකීම්ද වැඩි වෙනවා. තමාගේ යටතේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ සුභසාධනය ද බලන්න ඕනේ ඒකත් ඉතාම වැදගත් දෙයක්.

බොහෝ පොලිස් ස්ථානවලට මම ගියා. බොහෝ තැන් වල පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය බලන ආකාරයක් මට පෙනුණේ නෑ. පැය 8කට එහා රාජකාරි කරන අපේ නිලධාරීන්ට තමන්ගෙ පොලිස් ස්ථානයට ඇවිල්ලා හොඳට ඇඟපත හෝදගෙන නිදා ගන්න පුළුවන් තැනක් සකසලා තියෙනවා නම් ඒක තමයි සුභසාධනය කියන්නේ.

ඒ නිසා ඔවුන් පරිහරණය කරන වැසිකිලිය, නාන කාමරය, මුළුතැන්ගෙය, නිදන කාමරය සහ කාර්යාලය හොඳට තියෙන්න ඕනේ. සුභසාධනය හොඳට තිබ්බොත් තමයි කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වුනොත් තමයි ඉතාම උසස් ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්” යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...