33 C
Colombo
Sunday, May 5, 2024

ජනාධිපති, ඥානසාර හාමුදුරුවො එක්ක හොඳටම කරන්න යන්නේ

- Advertisement -

ජනාධිපතිවරයා හොඳටම කිරීමට සැරසෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඒ, එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පත්කිරීම සම්බන්ධව අදහස් දක්වමින්.

ජනාධිපතිවරයාගෙ මෙම ක්‍රියාකලාපය හරහා ඔහු රට ගෙන යාමට උත්සහ ගන්නේ කුමන දිශාවකට ද යන්න ජනතාවට තවදුරටත් පැහැදිලි කර දිය යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා විසින් පස්ගිය කාලය තුලදී වරින් වර පත්කරන ලද කාර්ය සාධන බලකායන් දෙස බැලූ විට මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ‘එක රටක් එක නීතියක්’ ජනතාවට නොලැබුනත් ඔවුනොවුන්ට එය ක්‍රියාත්මක වනු ඇති බවත් නලින් බණ්ඩාර මහතා පවසනවා.

එමෙන්ම, එක රටක් නොව අවසානයේදී ජනතාවට ජීවත්වීමට රටක්ද නැතිවන තැනට පත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...