28 C
Colombo
Monday, May 6, 2024

චීනයේ නව දේශසීමා නීතිය පිළිබද ඉන්දියාවේ අවධානය

- Advertisement -

චීනය විසින් ක්‍රියාත්මක කිරීමට යන නව දේශසීමා ආරක්ෂණ නීතිය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බව ඉන්දියාව පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශක අරින්ද්‍රම් බගාචි සදහන් කරන්නේ මේ පිළිබද තම රට ඉතා සැළකිල්ලෙන් අවධානය යොමුකර ඇති බවයි.

චීනය ලබන ජනවාරි පළමුවනදා සිට සිය දේශසීමාවේ ආරක්ෂාව වෙනුවෙන් නව නීතියක් හදුන්වා දෙන අතර පසුගියදා එයට අදාළ අනුමැතිය හිමිවිය.

නව නීතිය යටතේ චීන ආරක්ෂක අංශවලට දේශසීමාවල ආරක්ෂක සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ලැබෙන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකයා සදහන් කර ඇත්තේ දේශසීමා සම්බන්ධයෙන් දැනට දෙරට අතර පවතින එකගතාවලට චීනයේ නව නීතිය ගැටලුවක් නොවිය යුතු බවයි.

චීනය සහ ඉන්දියාව අතර ලඩාක්, අරුණාචාල්, හිමාචාල් ප්‍රදේශ් ඇතුළු ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව දේශසීමා ගැටලු පවතී.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...