32 C
Colombo
Sunday, May 5, 2024

මෛත්‍රී කිව්වට ත්‍රිපිටකය තවමත් ලෝක උරුමයක් වෙලා නැහැ

- Advertisement -

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන බවට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2009 වසරේදී ප්‍රකාශ කළද තවමත් ත්‍රිපිටකය ලෝක උරුමයක් වී නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

2019 වසරේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ප්‍රකාශය කළ අතර ඊට අදාළ අයැදුම්පත යුනෙස්කෝ සංවිධානයට යොමුකළ බව එහි සංවිධායකයින් මාධ්‍ය වෙත පැවසුවා.

අදාළ අයැදුම්පත් වසර දෙකකට වරක් භාරගන්නා බව යුනෙස්කෝ සංවිධානය ජනාධිපති කාර්යාලයට 2019 වසරේදී දැනුම් දී තිබුණා.

ඒ අනුව අදාළ ක්‍රියාවලිය සදහා විද්වත් කමිටුවක්ද පත්කළ අතර එම කමිටුව ත්‍රිපිටකය සහිත ඉපැරණි පුස්කොළ පොත් හතරක් දළදා මාළිගාව, හගුරන්කෙත හා මාතර පිහිටි විහාරස්ථානවල සහ ජාතික ලේඛණාගාරයේ තිබී හදුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් යුනෙස්කෝ සංවිධානය 2021 වසරේදී වත්මන් රජයට දැනුම්දී ඇත්තේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ අයැදුම්පත නොවැම්බර් 15 වනදාට පෙර යොමුකරන ලෙසයි.

නමුත් බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ නොවැම්බර් 15 වනදාට පෙර එම අයැදුම්පත යොමුකළ නොහැකි බවයි.

ඒ සඳහා පත්කර ඇති විද්වත් කමිටුව තොරතුරු රැසක් ඉල්ලා තිබීම මෙම ප්‍රමාදයට හේතුව බවයි ඔහු සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...