27 C
Colombo
Wednesday, May 8, 2024

නම උක්කුං වුණාට අපි බොන්නෙ ප්ලේන් ටී..! – බැසිල්

- Advertisement -

ප්‍රතිවාදීන් තම පක්ෂය ශක්තිමත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, එහි ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර සමරු උත්සවය අමතමින්.

මිතුරුකම් කරන සියළුදෙනාට මෙන්ම සතුරුකම් කළ අයටද ගරු කරන බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, පක්ෂයේ අරමුණ වන්නේ රට ජයග්‍රහණය කරවීම මිස කිසිවෙකු පරාජය කිරීම නොවන බව ඔහු පවසනවා.

“මිතුරන්ගේ ආශිර්වාදයත් ප්‍රතිවාදීන්ගේ අභියෝගත් දෙකම අපි භාරගත්තා. අපට මිතුරුකම් කරපු සියලුම දෙනාට ගෞරව කරනවා වගේම අපට ප්‍රතිවාදීව අපේ පක්ෂයට යම් අභියෝගයක් එල්ල කළා නම් ඒ අභියෝග සියල්ලක්ම අපට ශක්තියක් වුණ බව සඳහන් කරන්නේ ඉතාම නිහතමානීව. අපි අපේ දරුවන්ගේ දරුවන්ට යුතුකම් ඉශ්ට කරන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා.

ගරු අගමැතිතුමනි, නම උක්කුං වුණාට අපේ පක්ෂය කිරි නෙවෙයි තවම බොන්නෙ ප්ලේන් ටී. විවිධ අපට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපට අභියෝග කළත් ඔවුන් ඇත්තටම අභියෝග කරන්නේ රටේ අනාගතයට, රටේ ජනතාවට. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු”

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...