28.7 C
Colombo
Wednesday, May 8, 2024

ගිණුම්වල තියෙන ඩොලර් ඉබේම රුපියල් කරන ආණ්ඩුවේ අලුත් නීතිය මෙන්න

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රීතින් අවලංගු කරමින්, 2021 ඔක්තෝම්බර් 28 දිනැති අංක 2251/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති පරිදි නව රීති නිකුත් කර තිබෙනවා.

එම නව රීති ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනකරුවන් හා සේවා අපනයනකරුවන් යන දෙපිරිසටම අදාළ වන බවයි මහ බැංකුව වාර්තා කර සිටින්නේ.

නව රීතිවලට අනුව, පහත සඳහන් අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරු ව, අපනයන ආදායමෙන් ඉතිරි වූ ශේෂය එළඹෙන මාසයේ හත්වන (7) දින හෝ ඊට ප්‍රථම, ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කළ යුතු වේ.

  • ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ;
  • අනුමත කර ඇති පරිදි විදේශ මුදල් නෝට්ටු ආපසු ලබා ගැනීම;
  • විදේශ ව්‍යවහාර ණය මුදල් ආපසු ගෙවීමේ වියදම් සහ ණය වාරික;
  • එක් මසක වගකීම් ද ඇතුළත් ව භාණ්ඩ මිලදී ගැනීම හා සේවා ලබා ගැනීම;
  • ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සඳහා, එම ලබන්නා වූ අපනයන ආදායමෙන් සියයට දහයක් (10%) දක්වා කරන ගෙවීම්

මෙම රීති නිකුත් කිරීමත් සමඟ අපනයනකරුවන්ට තම අපනයන ආදායමෙන්, භාණ්ඩ හා සේවා අපනයනයන්ට අදාළ සියලු වියදම් පියවා ගැනීමට හැකි වේ.

මේ සම්බන්ධ වැඩිදුර විස්තර, www.dfe.lk හරහා 2021 ඔක්තෝම්බර් 28 දිනැති අංක 2251/42 දරන ගැසට් (අති විශේෂ) නිවේදනයේ පළකර ඇති 2021 අංක 5 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ රීති වෙත යොමු වීමෙන් ලබා ගත හැක.

RECENT ARTICLES - SINHALA

කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට...

සමාජ මාධ්‍යයෙන් අපහාස කළායැයි යුද හමුදාපති අධිකරණයට

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07)...

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...