30 C
Colombo
Saturday, May 4, 2024

ගුවන් වෙළඳ දත්ත සොරකම් කළ චීන බුද්ධි නිලධාරියෙකුට ඇමරිකාවෙන් දඬුවම්

- Advertisement -

ගුවන් සමාගම්වල රහස් සොරකම් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චීන බුද්ධි නිලධාරියෙකු එක්සත් ජනපද ජූරි සභාවක් විසින් වරදකරු කර තිබෙනවා.

Xu Yanjun ආර්ථික ඔත්තු බැලීම සහ වෙළඳ රහස් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා පහකට වැරදිකරු වී ඇතැයි සඳහන් වෙනවා.

ඒ අනුව වසර 60ක සිරදඬුවමක් සහ ඩොලර් මිලියන 5කට වැඩි දඩයකට මුහුණ දීමට ඔහුට සිදුව තිබෙනවා.

Xu ප්‍රථම වරට 2018 දී බෙල්ජියමේ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර, නඩු විභාගය සඳහා එක්සත් ජනපදයට පිටුවහල් කරන ලද පළමු චීන ක්‍රියාකාරිකයා ඔහු බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජනපද අධිකරණයෙන් ලබා දුන් තීන්දුව පිළිබඳව චීන බලධාරීන් මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයට අනුව, Xu යනු චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජියැංසු ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්.අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ එය විදේශ ඔත්තු සේවා සහ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වගකිව යුතු ආයතනයක් බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...