28 C
Colombo
Sunday, May 5, 2024

ජනපතිගේ හා අගමැතිගේ ඉදිරි දැක්ම නිසා රට දිනෙන් දින දියුණු වෙනවා – නිමල් ලාන්සා

- Advertisement -

රටේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම යටතේ මාර්ග සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ ඒ හරහා රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීමට ග්‍රාමීය මාර්ග පද්ධතිය ශක්තිමත් කළ යුතු නිසා යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

2015 න් පසු මහාමාර්ග පද්ධතියේ සංවර්ධනයක් සිදුව නැති බැවින් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙල ආරම්භ කළ බවත් ඒ අනුව යහපාලන සමයේ ඉබි ගමනේ ගිය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද කඩිනම් කල බවත් නිමල් ලාන්සා මහතා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා සදහන් කරන්නේ එහි මීරිගහ හා කුරුණෑගල කොටස මෙන්ම නව කැළණි පාලම හා ඒ ආශ්‍රිත අධිවේගී මාර්ග ජාලය නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කරන බවයි.

එමෙන්ම රුවන්පුර අධිවේගී මාර්ගය හා නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ වැඩකටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බව ලාන්සා මහතා පවසනවා.

මෙවැනි ජාතික හා ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති රටට දායාද කිරීමට හැකිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දැක්ම නිසා බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ කොවිඩ් 19 වසංගතය හමුවේ රටේ ප්‍රමුණ සංවර්ධන කාර්යයන්, ග්‍රාමීය ජීවනෝපාය, යටතල පහසුකම් යනාදී ක්ෂේත්‍ර නංවාලීම තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියට ගෙනියනු ලබන බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...