28 C
Colombo
Monday, May 6, 2024

මුතුරාජවෙල ආයෙ ගොඩ කරන්නෙ නෑ..! – ගොඩහේවාගෙන් පොරොන්දුවක්

- Advertisement -

මුතුරාජවෙල රක්ෂිතයේ යළි අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා

එහෙත් දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම්වල පදිංචි පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොකරන බවත් ඔහු පවසනවා.

ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“මේ ගොඩකරලා ජනාවාස තිබෙන එහෙමත් නැත්නම් දැනටමත් යම් යම් ආයතන ක්‍රියාත්මක වන ප්‍රදේශවලට අපි කිසිම බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක අපිට කරන්න ප්‍රමාද වැඩියි. දැනටමත් ජනතාව මේවාගේ ජීවත් වෙනවා. ජනතාව මේවාගේ ව්‍යාපාර කරනවා. ඒ අයගේ දෛනික වැඩපිළිවෙළට බාධා කරන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට මේ වගුරුබිම් පිරවීම පහත්බිම් ගොඩකිරීම වළක්වන එක. එතකොට අපි මෙතනින් එහාට ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ කියන එකින් අදහස් කරන්නේ නැවත ගොඩකිරීම් කරලා ඒවාවල ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මොනයම් ආකාරයකින්වත් ඔවුන්ගේ ජීවන රටාවට වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපි ඔවුන්ටත් ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රදේශවලට කසළ බැහැර කරන්න. ඒවාගේම අලුතින් ඉඩම් අල්ලාගන්නට.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...