29 C
Colombo
Saturday, May 4, 2024

පාස්කු ප්‍රහාරයට අදාලව තවත් 200 දෙනෙකුට නඩු!

- Advertisement -

පාස්කු ප්‍රහාරයට අදාලව මහාධිකරණ 05 ක නඩු 09 ක් දැනටමත් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ, අද (11) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යංශ ප්‍රකාශයක් සිදු කරමින්.

නවුෆර් මවුලවි ඇතුළු ප්‍රධාන සැකකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති මෙම නඩු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වන බවත්, දිනපතා විභාග කර නඩු හැකි ඉක්මනින් අවසන් කිරීමට තීරණය කර ඇති බවත් ඇමතිවරයා පවසනවා.

මීට අමතරව තවත් 200 කට පමණ නඩු ගොනු කිරීමට නියමිත බවත්, චෝදනා 23,700 ක් යටතේ චෝදනා ගොනු කිරීම සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ. මේ වනවිට ඊට අදාල මූලික කටයුතු අවසන් කර ඇති අතර දැන් සියල්ල ඇත්තේ ‘නීතිපතිවරයාගේ අතේ’ බවත් වීරසේකර මහතා අවධාරණය කර සිටිනවා.

තවමත් විමර්ශන සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධ කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...