33 C
Colombo
Monday, May 6, 2024

කෝලිගේ දියණිය දූෂණය කරන බව පැවසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ මාස 10ක් වයසැති දියණිය දූෂණය කරන බවට තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයන් හමුවේ උරණ වූ පුද්ගලයකු ට්විටර් ඔස්සේ මෙම තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.

එම පුද්ගලයා ඊයේ (10) දකුණු හයිද්‍රාබාද් නගරයේ දී අත්අඩංගුවට ගැනුණා.

මෙසේ තර්ජනය කර ඇති පුද්ගලයා මෘදුකාංග නිර්මාණ ශිල්පියෙක් බව ද අනාවරණය වී තිබෙනවා.

මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පැවැත්වෙන තරඟාවලියේ පිට පිට තරඟ පරාජයට පත්වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම අන්තර්ජාලය ඔස්සේ දැඩි විරෝධයකට ලක් වී සිටින බවයි.

ඉන්දියාව පරම ප්‍රතිවාදී පාකිස්තානය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙත ප්‍රහාර රැල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වුණා.

එය ලෝක කුසලාන තරඟාවලියකදී ඉන්දියාව පාකිස්තානය හමුවේ පරාජය වූ පළමු අවස්ථාවයි.

RECENT ARTICLES - SINHALA

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...