26 C
Colombo
Monday, May 6, 2024

තලේබාන් විරෝධී පාර්ශව ISISK සංවිධානය වටා එක්වීමේ අවදානමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ තලේබාන් විරෝධී හමුදා සහ විවිධ සටන්කාමී කණ්ඩායම් ISISK සංවිධානය වටා ඒකරාශිවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

කැනඩාව පදනම් කරගත් අයිතීන් සහ ආරක්ෂාව සදහා වන ජාත්‍යන්තර සංසදය සදහන් කරන්නේ මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සිදුවන බෝම්බ පිපිරීම් ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් තලේබාන් සංවිධානය පවා කළබලයට පත්ව සිටින බවත් ඔවුන් අන්තර්ජාතික පිළිගැනීම ලබාගැනීම සදහා දැඩි වෙහෙසක් දරමින් කටයුතු කරමින් සිටින්නේ ඒ හේතුවෙන් බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ.

අල්කයිඩා වැනි විවිධ සන්නද්ධ කල්ලි මෙන් පසුගිය ඇෆ්ගනිස්තාන ආණ්ඩුව යටතේ පැවති හමුදාවල සාමාජිකයන් ද ISISK සංවිධානය වටා එක්වීමේ අවදානම පිළිබද ලෝකයේම අවධානය යොමුවිය යුතු බව ද එම සංවිධානය අවධාරණය කර සිටියි.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...