32 C
Colombo
Sunday, May 5, 2024

මැදමූලනෙන් ගෙනල්ලා 10,000 දෙනවා නම් ප්‍රශ්නයක් නෑ..! – ඇමති බන්දුල

- Advertisement -

බදු නැති කළත් බදු අය කළත් බැණුම් ඇසීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුන වර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (13) දින 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයට සහභාගී වෙමින්.

එමෙන්ම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන බවට මුදල් අමාත්‍යවරයාට ඉතා ජනප්‍රිය තීන්දුවක් ගතහැකි නමුත් ප්‍රායෝගිකව එය ලබා දීමට හැකියාවක් නොමැතිවීම ගැටලුවක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ අමාත්‍යවරයා.

“එක සැරයක් බනිනවා බදු අඩුකරාය බදු නැතිකර ගත්තාය කියලා. පැනෙව්වාම බනිනවා බදු පැනෙව්වාය කියලා. පාර්ලිමේන්තුව මෙහෙම නම් හැසිරෙන්නේ රටේ මූලික ප්‍රශ්නයට දෙන විසඳුම මොකක්ද? රුපියල් 10,000කින් වැටුප් වැඩිකරනවා කියලා මුදල් ඇමතිතුමාට ජනප්‍රිය තීන්දුවක් කිව්ව හැකියි. එතකොට කාගෙන් හරි ගන්න එපැයි. මැදමුලනෙන් ගෙනල්ලා 10,000 දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. එහෙම ගේන්න බෑ.

වැටුප වැඩි කරන්න කියලා උද්ඝෝෂණ ඇති වෙනවා. මෝඩ ආණ්ඩු විසින් හිටපියව් කියලා පඩි වැඩි කරනවා. බඩුමිල පසුපස වැටුප්, වැටුප පසුපස බඩුමිල. වැටුප් දඟර උද්ධමනයක් ඇති වෙනවා.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...