28 C
Colombo
Sunday, May 5, 2024

යහපාලනයට බැන්නට මම ඉන්නෙත් ආණ්ඩුවෙනේ – මෛත්‍රීපාල

- Advertisement -

යහපාලනයේ නායකයා වූ තමන්ද සිටින්නේ වර්තමාන ආණ්ඩුවේ බව යහපාලනයට චෝදනා කරන රජයේ මන්ත්‍රීවරුන්ට අමතක වී ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා

ඒ අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.

සිරිසේන මහතා පෙන්වා දෙන්නේ වර්තමානයේ සියලු ගැටලුවලට යහපාලන රජය වගකිව යුතු බවට ඇතැමුන් චෝදනා කළත් ඒ සියල්ල දීර්ඝ කාලයක් පුරා පැවති තත්ත්වයක් බවයි.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මම මේ සභාවේ දැක්ක දෙයක් තමා සමහර වාද විවාදවලදී මේ සියලුම අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව පැත්තට තල්ලු කරනවා. යහපාලනයේ මේවා වුණේ කියලා. ඉතින් යහපාලන නායකයත් ඉන්නේ ආණ්ඩුවේ. ඉතින් මම කියන්නට ඕනේ අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව තුළ ඇති වුණ ඒවා නෙමෙයි. දීර්ඝ කාලයක් පුරා ඇති වුණ ප්‍රශ්න.

විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල අද ජනතාව දුක්විඳින්නේ. විවෘත ආර්ථිකයේ හොඳ පැත්ත වගේම විශේෂයෙන්ම විදේශ වත්කම් හා මුල්‍ය කළමනාකරණයේ තිබුණු අනිසි කළමනාකරණය දේශපාලඥයින්ට ඕන විදියට කටයුතු කිරීම, අධි සුඛෝපභෝගී දේවල් පිටරටින් ගෙනඒම වැනි කාරණා සැලකිල්ලට ගත්විට මුලික වශයෙන් ම මේක අවුරුදු 30 – 40ක ප්‍රශ්නයක්.

ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදායක් මේ රටේ ඕනෙම ආණ්ඩුවක් බලයට ආවහම තිබුණු ආණ්ඩුවට දොස් කියන එක. හැම ආණ්ඩුවක් ම එහෙම තමා. නමුත් ඒක සම්ප්‍රදායික සටන් පාඨයක්. යහපාලන ආණ්ඩුව තුළ විශාල වැඩකොටසක් මේ රටේ ජනතාවට අපි ඉෂ්ඨ කළා. අඩුපාඩුකම් තිබුණා. ඕන තරම් අඩුපාඩුකම් සිද්ධවෙනවා.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...