28 C
Colombo
Saturday, May 4, 2024

අගමැතිට හැත්තෑ හයයි

- Advertisement -

1945 වසරේ නොවැම්බර් මස 18වැනිදා දක්ෂිණ ගම්බද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වීරකැටිය ගම්මානයෙහි උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා සහ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන අතර ඒ මහතා අද දිනට සිය හැත්තෑ හයවන ජන්ම දිනය සමරනවා.

රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය. දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. තෙවන ධූර කාලයද සඳහා ප්‍රයත්නය දරමින් ඔහු ඉදිරිපත්වූ 2015 ජනාධිපතිවරණයෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පරාජය ලැබ 2015 ජනවාරි 9 දිනදී තනතුරෙන් බැහැර විය.

තනතුර හැර ගොස් මාස කිහිපයකට පසුව, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා විසින් ගත් උත්සාහය අසාර්ථක වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වීමත් හා සමගිනි. ඔහු කෙසේවෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් විය. ඉන්පසුව සිය සොයුරා ජනාධිපති ධූරයට තේරීපත්වීමෙන් අනතුරුව පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත් විය.

ඔහුගේ පියා, ඩී. ඒ. රාජපක්ෂ යනු, කීර්තිමත් දේශපාලනඥයෙකු, නිදහස සඳහා උද්ඝෝෂකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විජයානන්ද දහනායකගේ රජයෙහි කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයාද විය. ඔහුගේ මහප්පා වූ ඩී. එම්. රාජපක්ෂ, 1930 ගණන් වලදී හම්බන්තොට ආසනය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙක් වූ අතර, ඔහුගේ ප්‍රදේශයෙහි ජනයා වගා කල කුරක්කන් නිරූපණය කිරීමට පොළොවෙහි පස් පැහැගත් දුඹුරු වර්ණයෙන් යුතු සාටකය පැළඳීම ආරම්භ කල අතර, ඔහුගේ ජීවිතය පුරාවටම එම ජනයාගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියේය. රාජපක්ෂ මහතා ඔහුගේ ලාක්ෂණික සාටකය පැලඳීම ඇරමුවේ ඔහුගේ මහප්පාගේ මෙම සාටක පැළඳීම නිදසුනක් ලෙස ගනිමිනි.කොළඹ නාලන්ද විද්‍යාලයෙහිත් පසුව තර්ස්ටන් විද්‍යාලයෙහිත් හැදෑරීමට පෙර, රාජක්ෂ මහතා අධ්‍යාපනය ලැබුවේ ගාල්ලෙහි රිච්මන්ඩ් විද්‍යාලයෙහිය. ඔහු උගත් ශාස්ත්‍රාලය වූ කොළඹ නාලන්ද විද්‍යාලය වෙතින්, 2004 වසරෙහිදී, නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය ප්‍රදානය මහින්ද රාජපක්ෂ මහතා වෙතට පිරිනැමිණි. සිංහල චිත්‍රපටයන්හී චිත්‍රපට නළුවෙකු ලෙසින් කෙටි රංගන දායකත්වයන් දැක්වූ ඔහු, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කලේය.

1967 වසරෙහිදී ඔහුගේ පියාගේ මරණයෙන් පසුව, රාජපක්ෂ මහතා විසින් බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් කටයුතු භාර ගත් අතර, වයස අවුරුදු 24 වෙත්ම, පාර්ලිමේන්තුවෙහි ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරෙහිදී තේරී පත් විය. පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙහි නීතිය හැදෑරූ ඔහු, 1977 නොවැම්බර් මාසයෙහිදී නීතිඥයෙකු ලෙසින් දිවුරුම් දුන්නේය. ඔහු අමාත්‍යවරයෙක්ව සිටි 1994–2001 කාලපරිච්ඡේදය හැරුණු විට, ඔහුගේ පාර්ලිමේන්තු අභිවෘත්තිය පුරාවටම, තංගල්ලෙහි නීතිඥයෙකු ලෙසින් කටයුතු කලේය.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...