30 C
Colombo
Friday, May 3, 2024

ඥානසාර හිමියන්ට එරෙහි ජාතික සංහිඳියාව බිඳවැට්ටවීමට අදාළ නඩුව විභාගයට දින නියම වෙයි

- Advertisement -

ජාතික සංහිදියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 14 වැනි දින සිට විභාග කිරීමට කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (24) නියම කළා.

නඩුවේ පලමු සාක්‍ෂිකරු වන හිටපු ආණ්ඩුකාර අසාද් සාලී ඇතුළු සාක්කිකරුවන් කිහිප දෙනෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කිරීමද එහිදී සිදු කෙරුණා.

විත්තිකාර ඥාණසාර හිමියන් වෙනුවෙන් නීතීඥ සංජය ආරියදාස මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ පරිගණක සාක්කි සම්බන්ධයෙන් පරීක්‍ෂා කර බැලීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අවශ්‍ය පරිගණක සාක්කි පරීක්‍ෂා කිරීමට එහි ප්‍රවේශය විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විනිසුරුවරයා නියෝග කළා.

2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවකදී ජාතීන් අතර සංහිදියාව කඩවන ආකාරයේ ප්‍රකාශ කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...