33 C
Colombo
Sunday, May 5, 2024

ඥානාක්කගේ හෝටලේ හදන්න හමුදාව යෙදවීම වැරදියි!

- Advertisement -

හමුදාවේ පහළ මට්ටමේ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ඊයේ (03) දින ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.

නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද මෙසේ පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යොදවා ඇති බවත් දිසානායක මහතා පවසනවා.

මෙය ඉතාමත් වැරදි සහගත ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුව ඇති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කර සිටිනවා.

මෙලෙස අනුරාධපුරයේ ‘ඥාන අක්කා’ට අයත් හෝටලයක් හැදීමට ද හමුදා සාමාජිකයන් යොදවා ඇති බවත් හමුදා සාමාජිකයන් සාත්තර මන්තර ජප කරන ‍යෙකු ළඟට මෙලෙස යැවීමටහැකිදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන ආකාරය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවත් ප්‍රකාශ කරන ලදි.

හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බවත් රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට ගෞරවය ලබා දිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...