33 C
Colombo
Sunday, May 5, 2024

ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මංගල සමරවීර බලපෑම් කරලා

- Advertisement -

2017 වර්ෂයේදී එවකට විදේශ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට විදේශ අමාත්‍යවරයාගේ බලපෑම් එල්ල වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව 2017 වර්ෂයේදී ක්ෂණික ලොතරැයි මුද්‍රණය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කොට තිබූ ටෙන්ඩරයක් එවකට විදේශ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත කැබිනට් තීරණයක් මගින් නවත්වා තිබේ. එවකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතා විසින් මෙම ටෙන්ඩරය නැවැත්වීම නිවැරදි තීරණයක් නොවන බවට නිරීක්ෂයක් ද ලබා දී ඇති නමුත් කැබිනට් තීරණය ලබා දී තිබුණේ ඉහත ටෙන්ඩරය ඉවත් කිරීමටයි.

ඒ අනුව Aqua Flex Lanka (Pvt)Ltd නැමැති ආයතනයට හිමිවිය යුතුව තිබූ ක්ෂණික ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය නවත්වා ඇත. මෙම කැබිනට් තීරණය ගෙන ඇත්තේ Print Care Secure(Pvt)Ltd නැමැති ආයතනයේ බලපෑම මත බව ද කෝප් කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබේ.

මෙම කැබිනට් තීරණය නිසා ජාතික ලොතරැයි මණ්ඩලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවී ඇති අතර 2020 දක්වා තවමත් ‍අදාල ලොතරැයිපත් මුද්‍රණය සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ, ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා පසුගිය 04 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීය.

එයට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ 2017,2018,2019 වර්ෂ වල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව ද කෝප් කමිටුව විසින් නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව කෝප් කමිටුව දන්වා සිටියේ ඒ පිළිබඳ කරුණු සොයා බලා අදාල වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...