30 C
Colombo
Saturday, May 4, 2024

නිර්මාණය කළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා – සුසිල්

- Advertisement -

අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්,  නිර්මාණය කළ නඩු ඉහළ උසාවි වල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ වැටෙන බව යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.

කුරුණැගල මහාධිකරණයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකළ නඩුව, විභාග කරන ලද්දේ ඔහු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටිය දී යැයි ද එහෙත් සාක්ෂි බිඳවැටීම නිසා ඔහු නිදොස් කොට නිදහස් කර ඇතැයි ද හෙතෙම පැවැසීය.

ගාමිණි සෙනරත් මහතාට විරුද්ධව ගොනු කර තිබු නඩුව ද සිවිල් ස්වරූපය තිබෙන දේවල් අපරාධ නඩු බවට පරිවර්තනය කර ගෙතූ නඩුවක් යැයි ද කී ඔහු බැසිල් රාජපක්ෂ මහතාගේ නඩුව ද එවැන්නක් යැයි ද පැවැසීය.

මේ අනුව මෙසේ නිර්මාණය කළ තවත් නඩු ඉදිරි කාලසීමාව තුළ බිඳ වැටෙනු ඇතැයි පැවසූ ප්‍රේමජයන්ත මහතා මෙම නඩු නිර්මාණය කිරීම සඳහා පසුගිය යහපාලන රජය කාලයේ පිහිටවූ එෆ් සී අයි ඩීය හිටපු අගමැතිවරයා විසින් පොලිස් ආඥාපනතේ වගන්තියක් ගැසට් කර නිර්මාණය කළ එකක් යැයි ද කීය.

වත්මන් රජය පසුගියදා නඩු දෙකක් නිදොස් කොට නිදහස් කිරීම ගැන කතා රටේ කථා බහට ලක්වී ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එකක් අභියාචනාධිකරණය මගින් ද එකක් මහාධිකරණය මගින් ද නිදොස් කොට නිදහස් කර ඇතැයි කීය.

මෙකී නඩු දෙකම යහපාලන රජය විසින් පැවරූ නඩු දෙකක් යැයි ද ඊට පෙර අවස්ථාවල දී ද සාක්ෂි නිර්මාණය කර ගොනු කර නඩු යැයි ද හෙතෙම කියා සිටියේය.

එහි නිර්මාණකරු වන හිටපු අගමැතිවරයාම එය නීතිවිරෝධී ආයතනයක් යැයි ජනාධිපති කොමිසමේ දී පිළිගත් බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු ආකාරයකින් අධිකරණයට බලපෑම් නොකරන බව ද කිවයුතුයැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (6) පැවැති මාධ්‍ය හමුවක දීය.

-ලංකාදීප

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...