32 C
Colombo
Sunday, May 5, 2024

වෛද්‍ය සභාව පාලන බලපෑම්වලින් නිදහස් විය යුතුයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

- Advertisement -

වෛද්‍ය සභාවේ වත්මන් තත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් හා වෛද්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යාපන සහ සදාචාරාත්මක ප්‍රමිතීන් සඳහා වන නියාමන ආයතනය පාලන බලපෑම් වලින් නිදහස් යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ මත මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් පස් දෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් බවත් කර ඇතත් වෛද්‍ය ආඥා පනතේ 15වැනි වගන්තියට අනුව වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ඉවත් වන්නේ නම් ඔහු විසින් තම ඉල්ලා අස්වීම ලිඛිතව ජනාධිපතිවරයාට හෝ රෙජිස්ටාර් වෙත යැවීමෙන් පසුව අදාල ඉවත්වීම සිදු වන බව එම නිවේදනයේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගනු ලබන සියලුම තීරණ සාමූහිකව ගනු ලබන බවත් ඒවා සමස්ත සභාවේ හෝ බහුතර ඡන්දයෙන් ගනු ලබන නිසා සභාවේ සාමාජිකයන් ඊට බැඳී සිටින බවත් එබැවින් අදාළ කමිටුව විසින් ගත් තීරණ පිළිබඳව නැවත සලකා බලන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...