32 C
Colombo
Sunday, May 5, 2024

කිසිම සහල් හිඟයක් නෑ..!

- Advertisement -

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල කිසිදු හිඟයක් නොමැති බව පිටකොටුව තොග වෙළෙඳුන් සහතික වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
.
ඒ, දින කිහිපයක සිට සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා බැලීමට අද (29) දින පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවේ නිරීක්ෂණ කටයුතු සඳහා එක් වීම්ව්න් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වෙළෙඳපොල තුළ කෘතිම හිඟයක් මවලා සහල් මිළ රු.5/=කින් වැඩි කිරීමට උත්සහ දරන බව පේනවා. නමුත් අද පෙනෙනවා සහල් තොග මෙම පිටකොටුව තොග වෙළෙඳපොල තුළ පවතින බව.

ජනතාවගේ පීඩනයෙන් අයුතු ප්‍රයොජන ගැනීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරනවා. ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගත හැකියි.

වෙළෙඳපොලේ කිසිදු හිඟයක් ඇති වීමට ඉඩ නොතබමින් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් අද දින මුදා හැරීමට රජය විසින් කටයුතු සලසනු ලැබුවා. ”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...