25 C
Colombo
Thursday, May 9, 2024

චීනයෙන් ඇමෙරිකාවට මිත්‍රත්වයේ හස්තය..

- Advertisement -

බිඳ වැටුණු චීන ඇමෙරිකා සබඳතා යළි ගොඩනැන්විය යුතු යැයි චීන විදේශ කටයුතු ඇමැති වෑන් ඊ ඔන් මහතා චීන ඇමෙරිකා ව්‍යාපාරික කවුන්සිලය හමුවේ අද(7) ප්‍රකාශ කර ඇත.


එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජික රාජ්‍ය දෙකක් හැටියටත් විශාලතම ආර්ථිකය සහිත රාජ්‍ය දෙකක් හැටියටත් ලෝවැසියන්ගේ සාමය සහ සෞභාග්‍ය වෙනුවෙන් ද්විපාර්ශ්වික සහයෝගය සඳහා මෙසේ කැප විය යුතු යැයි චීන විදේශ ඇමැති වෑන් ඊ ඔන් මහතා පවසා ඇතැයි ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.


චීන ඇමෙරිකා ව්‍යාපාරික කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ බීජිං සිට ආමන්ත්‍රණය කරමින් චීන විදේශ ඇමැතිවරයා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට යෝජනා පහක් ද ඉදිරිපත් කර ඇත.


එහිදී ඇමෙරිකාව සියල්ලට ප්‍රථමයෙන් උපායමාර්ගිකව නිවැරැදිව චීනය හඳුනාගත යුතු යැයි ද එමගින් ඇමෙරිකා චීන සබඳතා තාර්කික මාවතකට අවතීර්ණ කරගැනීමට හැකිවනු ඇතැයි ද වෑන් ඊ ඔන් මහතා පවසා ඇත.
දෙවැනුව ඒ සඳහා අවශ්‍ය සියලු ආකාරයේ සන්නිවේදනයන් සිදු විය යුතු යැයි කී හෙතෙම එහිදී උපායමාර්ගික වශයෙන් ද ව්‍යාපාරික වශයෙන් ද ඊට සහාය හිමි විය යුතු යැයි ද අවධාරණය කර තිබේ.


චීන විදේශ ඇමැතිවරයාගේ අදහස වන්නේ කොවිඞ් 19 වසංගතය මර්දනයට අදාළ ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය ඇතු`ඵ විෂය මගින් ඊට අදාළ අන්‍යොන්‍ය ප්‍රතිපලදායී සහයෝගයට ප්‍රවේශය ලබාගත හැකි බවයි.


මෙම කටයුතුවලදී ඓතිහාසික සංස්කෘතික උරුමයන්ගේ පාර්ශ්වීය වෙනස්කම් දරාගැනීම අත්‍යවශ්‍ය යැයි ද ඒ සඳහා රාජ්‍ය දෙකේම ව්‍යවස්ථාදායකයටත් ව්‍යාපාරිකයන්ටත් තරුණ ප්‍රජාවටත් කළ හැකි විශාල කාර්යභාරයක් ඇතැයි ද වෑන් ඊ ඔන් මහතා වැඩිදුරටත් පවසා ඇත.


මේ වනවිට චීන විදේශ ඇමැතිවරයාගේ දේශපාලන ඇරියුම සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් විශාල අවධානයක් යොමුව තිබේ.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...