28 C
Colombo
Sunday, May 5, 2024

බ්‍රැන්ඩික්ස් රැල්ලේ මුල හොයන්න ගිය CID නිලධාරීන් 20කට කොවිඩ්

- Advertisement -

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුර නිර්මාණය වුයේ කෙසේදැයි යන්න විමර්ශනයට සහභාගීවූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසි දෙනකුටද කොවිඩ් වැලඳී ඇති බව මහජන සාමය පිළිබඳ ඇමැති සරත් වීරසේකර දෙසැම්බර් (07 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීතිපතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය මෙම විමර්ශන කටයුතු ආරම්භ කර දින දෙකක් ගත වෙද්දී එම නිලධාරීන් හැත්තෑ දෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බව ඇමැතිවරයා කීවේය. මේ නිසා එම විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව කී ඇමැතිවරයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ පුද්ගලයන් 100කගේ ප්‍රකාශ සටහන් කර ගනිද්දී එම කටයුත්ත කළ නිලධාරීන් විසි දෙනකුද කොවිඩ් ආසාදිතයන් බවට පත්වූ බව ඒ මහතා පැවසීය.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 1500 ක පමණ පිරිසකට කළ පීසීආර් පරික්ෂණවලින් 400 කට පමණ කොවිඩ් 19 වෛරසය ශරීරගතව නැති බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට කොවිඩ් වැලඳී සුවපත්වූ අයදැයි සොයා බැලීමට ඇන්ටිජන් පරික්ෂණ කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදේශිකයන් 7 දෙනකු සේවය කරන බවත් ඉන් එක් අයෙකු එංගලන්තයට ගොස් යළි පැමිණ නිරෝධායනය වී ඇතැයිද, ඉන්දියාවේ විශාකාපට්න්ම් සිට පැමිණි සේවකයන් 343 දෙනකුගෙන් 10 දෙනකුට කොවිඩ් වැලඳී තිබූ බව මේ දක්වා කළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද වීරසේකර පැවසීය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරසේකර මහතා මේ බව පැවසීය.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...