26 C
Colombo
Saturday, May 18, 2024

සුසිල් ප්‍රේම්ජයන්ත ඉවත් කළේ බුද්ධි අංශ තොරතුරු මතයි..! – තිසකුට්ටි ආරච්චි

- Advertisement -

රාජ්‍ය බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබූ කරුණු මත පදනම්ව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා පවසනවා.

ඒ, අද (05) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.

ඔහු ඇමතිධුරයෙන් නෙරපීමට පෙර දින දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වා තිබූ අතර එම විවේචනය හේතුවෙන් ප්‍රේම්ජයන්ත මහතාට ඇමති ධුරය අහිමි වූ බව බොහෝදෙනා විස්වාස කරන නමුත් එහි කිසිදු සත්‍යයක් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව විවේචන ඉවසා ගත නොහැකි තත්වයට පත්ව නොමැති බවත් ඔහු සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...