33 C
Colombo
Saturday, May 4, 2024

සුසිල්ට තියපු අත ලන්සාට තියන්නේ නෑ; ලන්සා ඔක්කොම දන්නවා..!

- Advertisement -

20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

එමෙන්ම රජය රජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට හයේ පහරක් එල්ල කළ බවයි ඔහුපෙන්වා දෙන්නේ.

සුසිල් ප්‍රේමජයන්ත මහතාව ඉවත් කළ නමුත් ඊට වඩා ප්‍රභල විවේචන කළ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාව ඉවත් කිරීමට රජයට නොහැකි බවත් ඔහු සියලුම දෑ දැන සිටීම ඊට හේතුව බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

“අලුත් අවුරුද්ද ලබලා දවස් 4යි. මේ අවුරුද්දේ පළවෙනියෙන් නිකුත්වුණ ඡන්ද ප්‍රතිඵලය තමයි ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගියා හැම සුමානේම යන්නවා වගේ. ඒ වේලාවේ මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇසුවා කොහොමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්තයා උත්තරයක් දුන්නා, දීලා සුයිප් එකකුත් අරගෙන ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. පැය 24ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා.

මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක්  සිදුවන සිදුවීමක් වළක්වාගැනීමට ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරිදේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක්වේදනා හඳුනාගත්තොත් ඔය පිපිරීම වළක්වා ගන්න පුළුවන්. පොහොර නැතුව ගොවියා විඳින දුක. මේ රටේ මෑත ඉතිහාසයේ දන්නා පරිදි ඉංග්‍රිසි පාලකයින්ගේ කාලේදීවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. ගොවියා සහ කෘෂිකර්මය තලලා පෙළලා, පාගලා, බෙල්ල මිරිකලා නැගිටින්නට බැරිවෙන්න ඉවරම කරලා තියෙන්නේ.

සුසිල්ව අස්කරා පොළේ ගිහින් කියපු කතාවට. ලාන්සා ඇමතිතුමා ගම්පහ ඔයිටත් දරුණු ප්‍රකාශයක් කරා. එයා හයේ පාරවල් දෙකක් ගැහුවා දවස් තුනකට ඉස්සෙල්ලා. හැබැයි ලාන්සාට නෑ ඉල්ලා අස්වීමක්. මම දන්නවා හේතුව ලාන්සාට අත තියන්නේ නෑ. ඒ මොකද ලාන්සා ඔක්කෝම දන්න මිනිහා. වෙන හේතුවක් නෙමෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වුණේ විශේෂයෙන්ම රට තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත්කෙරුවා. පොහොට්ටුවේ ජීරණයවෙලා ඉන්න සමහරු කියනවා 69 ලක්ෂය ඒ අයගේම තමා කියලා. නැහැ 69 ලක්ෂය ඒ අයගේම නෙමෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එතැන ප්‍රබලම පක්ෂය අපි. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි පක්ෂය අපි. සමහර අය හිතනවා අපේම අය මේ පක්ෂය දැන් හුඟාක් වැටිලා ගොඩගන්න බැරි තැනට විනාශවෙලා තියෙන්නේ කියලා. නෑ. අපි එහෙම වැටිලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ වැටීමකට ලක්වුණේ පක්ෂ ඉතිහාසයේ අවුරුදු 70ක 1977 දී බණ්ඩාරනායක මැතිවරණයේ දී අපි ආසන 8ට බැස්සා.”

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...