29 C
Colombo
Tuesday, May 7, 2024

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 ක් හා ස්ථානාධිපතිවරුන් 2 ක් වෙනස් කරයි

- Advertisement -

සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කිරිමට පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා කටයුතු යොදා ඇත.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් ලබාදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන පොලිස් සහාය සේවා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස පත් කර ඇත.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ එම පළාත තුළම තවදුරටත් කටයුතු කරනු ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එන්. එෆ්. යු ප්‍රනාන්දු පොලිස් මූලස්ථානයේ සිට කොවිඩ් 19 අධික්ෂණ රාජකාරි ලෙස පත් කර තිබේ.

සබරගමු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති අතර ඊට අමතරව ඌව පළාතේ වැඩ ආවරණ කටයුතු සදහා ද පත් කර ඇත. නැගෙනහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩි.ජි. නිලන්ත ජයවර්ධන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. එස් පතිනායක මධ්‍යම පළාතේ සිට අපරාධ, සංවිධානාත්මක අපරාධ, අපරාධ බුද්ධි, ළමා හා තාන්තා අපයෝජන කාර්යාංශය, මත්ද්‍රව්‍ය නාශක හා මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

අපරාධ, සංවිධානාත්මක අපරාධ, අපරාධ බුද්ධි, ළමා හා තාන්තා අපයෝජන කාර්යාංශය, මත්ද්‍රව්‍ය නාශක හා මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එල්. ඒ. එස් ප්‍රියන්ත සහායක සේවා හා සබරගමුව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ. ඊට අමතරව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඩබ්ලිව්.බි.ජේ. බණ්ඩාර නුවරඑළිය කොට්ඨශයේ සාමාන්‍ය රාජකාරි සදහාද, වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.එම්.පි.බි විජේසූරිය ගම්පහ කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සදහා ද මාරු කර යවා ඇත.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...