31 C
Colombo
Saturday, May 18, 2024

කුඹුරු වලට හමුදාව දානවා..!

- Advertisement -

ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවා කාබනික පොහොර යොදන ආකාරය ගැන ගොවීන්ට තේරුම් කර දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් පමණක් නොව මේ වන විට සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේ නමුත්, ඇතැම් වගාවන් සඳහා ගොවියන් භාවිතා කිරීමට පුරුදු වී ඇති යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ මහතා සෑම දෙයකටම පෙර තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කළා.

කෙසේ නමුත්, මෙය කාබනික පොහොර සඳහා ගොවීන් යොමු කිරීමට තමාට හමුදාව යොදාවා ගොවීන්ගේ බෙල්ලෙන් අල්ලා “කාබනික පොහොර පාවිච්චි කරපං” කිව හැකි බවට පසුගිය නොවැම්බර් මසදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය යතාර්ථයක් වීමක් දැයි ඇතැමුන් කණස්සල්ල පලකර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...