28 C
Colombo
Saturday, May 18, 2024

හිටපු එක්කෙනාට භාගෙට පිස්සු; දැන් ඉන්න එක්කෙනා ගැන කතා කරලා වැඩක් නෑ..!

- Advertisement -

රාජපක්ෂවරුන් ‘ෆේල්’ වී ඇති බවත් යළි රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

මේ වන විට ජනතාව දැඩි පීඩනයකින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ, අද (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට රටක් පාලනය කළ නොහැකි බවත් කෙසේවෙතත් රටට වැඩක් කිරීමට නම් විධායක බලතල අඩු කළ යුතු බවත් වෙල්ගම මහතා සඳහන් කරනවා.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අඩුකර නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයම 20ට අත එසවීමෙන් ඇති පලක් නැති බව පැවසූ වෙල්ගම මහතා කියාසිටියේ ඔවුන්ටද තමන් ප්‍රමුඛ කණ්ඩායම පමණ ඉදිරියට යාමට පැමිණෙන ලෙස ප්‍රර්ථනා කරන බවයි.


RECENT ARTICLES - SINHALA

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

මැල්සිරිපුර පොලිසියෙන් පාසල් සිසුවෙක්ට අමානුෂික ප්‍රහාරයක්

නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල්...

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...