33 C
Colombo
Monday, May 6, 2024

අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට නියමවෙයි

- Advertisement -

මියන්මාරයේ බලයෙන් පහ කළ නායිකා අවුන් සාන් සූකී මහත්මිය සාපරාධී චෝදනා තුනකට වරදකරු කරමින් එරට හමුදා අධිකරණයක් ඇයට තවත් වසර 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හමුදා පාලනය යටතේ පවතින මියන්මාර අධිකරණය මෙලෙස සිව් වසරක සිර දඬුවම් විඳින සු කීට එලෙස තවත් සිව් වසරක සිර දඬුවම් නියම කර ඇත්තේ, බලපත්‍ර රහිතව සන්නිවේදන උපකරණ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකාරිය කරමින්.

වෝකි ටෝකි ළඟ තබාගෙන අපනයන – ආනයන නීතිය උල්ලංඝණය කිරීම හා තවත් සංඥා කට්ටලයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සූ කීට වසර 2 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඉතිරි වසර දෙකේ සිර දඬුවම ලබා දී ඇත්තේ, කොවිඩ් වසංගතයට අදාළ ආපදා කළමනාකරණ නීතිය කඩ කිරීමේ චෝදනාවටයි.

අවුන් සාන් සු චී චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී සිරගත කෙරුණු අතර එහිදී ද ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කෙරුණා.

ඒ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී උසිගැන්වීම් සහ කොවිඩ් නීති කඩ කිරීම සම්බන්ධයෙන්.

සු කීට එරෙහි නඩු විභාගය වාර්තා කිරීම සඳහා මාධ්‍යට අවසර හිමි නොවූ අතර සුකීගේ නීතිඥයින්ට මාධ්‍ය සහ ජනතාව සමග සන්නිවේදනය කිරීම ද තහනම් කර තිබුණා.

තව ද සු කී රඳවාගෙන සිටින්නේ කුමන ස්ථානයක ද යන්න මියන්මාර හමුදා පාලනය තවමත් හෙළි කර නැහැ.

නොබෙල් ත්‍යාගලාභී 76 හැවිරිදි සූ කී ඇයට එල්ලවී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ ආධාරකරුවන් පවසන්නේ ඇයට එරෙහි නඩු පදනම් විරහිත බවත්, හමුදා පාලනය සූ කිගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට සැලසුම් මෙලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...