33 C
Colombo
Monday, May 6, 2024

නාමල්වත් ගණන් නොගන්නා මෙරට භාෂා ප්‍රතිපත්තිය

- Advertisement -

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (09) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියා.

මෙම සිදුවීම පිළිබදව සිය නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූපද සමඟින් සටහනක් තබමින් අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට ලැබීම ගෞරවයක් ලෙස සළකන බවද සටහන් කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ සටහන ප්‍රථමයෙන් සිංහල භාෂාවෙන්ද දෙවනුව එහි චීන පරිවර්තනයද, අනතුරුව ඉංග්‍රීසි පරිවර්තනයද, අවසාන වශයෙන් දෙමළ භාෂා පරිවර්තනයද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙරට භාෂා ප්‍රතිපත්තිය රැකීමට රජයේ අමාත්‍යවරයෙකුට විශේෂ වගකීමක් පැවරෙනවා.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර සිංහල රාජ්‍ය භාෂාව වන අතර, දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි.

ඉංග්‍රීසි සන්ධාන භාෂාවක් ලෙස යොදා ගැනෙන අතර අනෙක් භාෂා යොදා ගැනෙන්නේ ඉන් අනතුරුවයි.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...